කාණ්ඩ ලොග් පොත

2010/07/14
එදින මම සහ දෙවන් බාලදක්ෂ කාමරයට යන විට 1.45 පමණ වී තිබුණි.ඒ වන විට හරිඳු, උදාර හා විනුර ඇවිත්ය. ආරම්භක රැළිය දමා අවසන් වීමෙන් පසු අපි අපගේ වැඩසටහන් පටන් ගතිමු.
එදින අපි කොඩි ගසක් නිර්මාණය කළෙමු ඉන්පසු අපි ගේම් එකක් .කළෙමු අවසන් රැළියෙන් පසු සියලු වැඩකටයුතු අවසන් නිසා සතුටින් ගෙදර ගියෙමු.
2010/07/21
එදින විභාගේ නිසා නිවාඩු දූන්නේය.
2010/07/28
මෙදින මට බාලදක්ෂ යාමට නොහැකි වුණි. ඒත් මට එදින ආපු අයට හොඳ කට්ටක් දුන්න බව දෙවන්ගෙන් දැනගැන්නට ලැබුණි පව් නේනේනේ!!!!!!
2010/08/04
එදින අපේ කාණ්ඩයෙන් පැමිණ සිටියේ මම සහ රිනෝෂ් විතරයි.දෙවන් හිටියේ නෑ. ඌ අලසකමට ගෙදර ගිහිල්ලා. එදා නල ඇඳුම් දිනය නිසා ප්‍රධාන රැළියක් දැම්මා. ඉන් පසු උදාර හා මම ඇතුලු පිරිස ලක්මාල් අයියා හට එක්තරා ගොබ්බ නාට්‍යයක් කර පෙන්වා ටිකක් චාටර් උනෙමු. ඉන්පසු තවත් game 1 කර, අවසන් රැළියට ඉඳ, ඇවටා සමග ගෙදර ගියා.( ඌගේ ගෙදර නෙමෙයි)